Popular Posts

Tuesday, April 7, 2015

හැමදේම Backup අරන් 4න් එක Hard Reset කරමු

කොහොමද ඉතිං සෙට් එක හොදින් ඉන්නවා නෙහ්....!!!

අද මං කට්ටියට කියල දෙන්න හදන්නෙ කොහොමද, ඇන්ඩ්‍රොයිඩ් Device එකක තියෙන හැමදේම  Backup කරන්  Android device එක Hard Reset කරන්නෙ කියලා.

දැන් සමහර අයට ගොඩාක් ප්‍රශ්න ඇති...

 ඇත්තටම මොකක්ද මේ Hard reset කරනවා කියන්නෙ?? මොකටද අපි Hard reset  කරන්නෙ??

Hard reset කරනවා කියන්නෙ ඔයාගෙ 4න් එකේ තියෙන දත්ත ඔක්කොම  Delete කරනව කියන එක. සුද්ද සිංහලෙන්ම කිව්වොත් 4න් එක  Format කරන එක.

ඇයි අපිට 4න් එකක්  reset කරන්න වෙන්නෙ

සාමාන්යයෙන් ඕනෙම 4න් එකක් ගොඩ කාලයක් පාවිච්චි කරගෙන යද්දි 4න් එක  slow වෙන්න ගන්නවා,  windows වල නම් මේ සීන් එක නැහැ ඒත් ඇන්ඩ්‍රොයිඩ් වල මේක තියෙනවා.
ඉතිං මෙහෙම 4න් එක slow වුනාම ගොඩාක් අය කරන්නෙ,  reset කරන එක තමයි,
 playstore එකේ එහෙම නැත්තම් එක එක ඇප්ස් වල  errors වලට විස්දුමක් විදිහට 4න් එක reset කරන්න පුළුවන්.

ගොඩාක් අය හිතන් ඉන්නවා, Root කරපු 4න් එකක් reset කලාම රූට් නැති වෙනවා කියලා( unroot),
ඒ වගේම සිංහල ෆොන්ට්ස් දාලා තිබ්බා නම් ඒවත් නැති වෙනවා කියලා, ඔය කියපු කිසිම දෙයක් වෙන්නෙ නැහැ.

මං මේ කියලා දෙන්න යන ක්‍රමයෙන් ඔයාලට  Messages, Contacts, call Logs(History), Whatsapp messages, Apk Files කියන ටික  backup කරලා  restore කර ගන්න පුළුවන්

මුලින්ම කියන්නම්  කොහොමද contacts ටික  Backup කර ගන්නෙ කියලා,
 මේක නම් ක්‍රම දෙකකට පුළුවන්, gmail එකට upload කරලත් පුළුවන්, මං කියලා දෙන්න හදන්නෙ memory card එකට save  කරන විදිහ

                        එහෙනම් මුලින්ම contact වලට යන්න.
                        දැං ඒකෙ option වල තියෙනවා Import/export කියලා.
                        ඒකට ගියාම ඒකෙ තියෙනවා  Export to SD card  කියලා, ඒක සිලෙක්ට් කලාම හරි.
                     
හරි දැං කියලා දෙන්න හදන්නෙ, කොහොමද message backup කරන්නෙ කියලා
මේකට පොඩි ඇප් කෑල්ලක් ඕනෙ වෙනවා


                       SMS Backup & Restore කියලා Playstore එකෙන්  Download කර ගන්න,
                       දැන් ඒක open කරලා Backup කර ගන්න,
                       ඔයාට ඕනෙ නම් cloud storage එකකට  backup කර ගන්නත් පුළුවන්.

 එහෙනම් දැන් Call logs Backup කරමු.
 මේකටත් පොඩි ඇප් එකක් ඕනේ


                       Call logs Backup & Restore කියන ඇප් එක Playstore එකෙන් අරගන්න,
                      දැන් ඒක Open කරලා Backup දෙන්න,
                      ඔයාට ඕනෙ නම් cloud storage එකකට  backup කර ගන්නත් පුළුවන්.


එහෙනම් දැන් Whatsapp messages Backup කරමු.

                      whatsapp open කරලාOption> settings> chat settings යන්න.
                      එතන තියෙන chat backup කියන එක select කරන්න.


හරි එහෙනම් දැන් ඇප්ස් ටික Backup කරමු
මේකටත් පොඩි ඇප් එකක් ඕනේ
                   
                       Apps Backup & Restore කියන ඇප් එක Playstore එකෙන් අරගන්න,
                      දැන් ඒක Open කරලා  Backup ගන්න ඕනෙ ඇප්ස් ටික සිලෙක්ට් කරලාbackup දෙන්න,                               (මතක ඇතුව මං ඔය ඉස්සෙල්ලා Install කර ගන්න කියපු ඇප් 2ත් Backup කර ගන්න)

                                           එහෙනම් ඉතින් 4න් එක Off කරලා reset කර ගන්න.


             Volume up+ Power + Home buttons 3න එකපාර ඔබන් ඉන්න , එතකොට recovery mode එයි.                  Volume Down ඔබලා පල්ලෙහාට ගිහින් Wipe data/factory reset කියන එක select කරන්න.                      (select කරන්න home button  එක පාවිච්චි කරන්න )


ON වුනාට පස්සෙ කලින් මං දීපු ඇප්ස් Install කරලා Backups restore කර ගන්න,

අවුලක් හරි නොතේරෙන තැනක් හරි තියෙනවා නම් comment එකක් දාන්න