කොහොමද ඉතිං සෙට් එකට...??? ගොඩ දවසකට පස්සෙ තමයි අද ඔන්න පෝස්ට් එකක් අරං ආවේ.. පෝස්ට් දානවා දානව කියලා කොච්චර හිතුවත් හැමදාම මොකක් හරි හේතුවක් නිසා දාන්න බැරි වෙනවා.
හැම බ්ලොග් එකකම තියෙන දේවල් දාලා වැඩක් නැහැනෙ. ඒක නිසා වෙනස් දෙයක් එහෙමත් නැත්නම් අළුත් දෙයක් අරන් එන්නයි හැමදාම උත්සාහ කරන්නෙ.. මේ වගේ පෝස්ට් එකක් දාන්න හිතුවෙවත් නැහැ. ඒත් Malith Weeran මල්ලියගෙ ඉල්ලීම නිසයි දාන්න හිතුනෙ.
හරි එහෙනම් වැඩේට බහිමු..
මොනවද Stock ROM කියන්නෙ...??
Stock ROM ගැන සරලව කිව්වොත් මේක තමයි ඔයාලා අළුතෙන් (Brandnew) Mobile ෆෝන් එකක් ගත්තම ඒකත් එක්ක එන Software එක. ඒ කිව්වෙ ඔරිජිනල් කම්පැනි එකෙන්ම ෆෝන් එකට දාලා එවන Software එක. අපි වෙන විදිහකට කිව්වොත් මේක තමයි කම්පැනි එකෙන් අපිට රෙකමන්ඩ් කරන OS එක...
මොනවද එතකොට Custom ROM කියන්නේ...??
Custom Rom කියලා හදුන්වන්නෙ දුරකථන සමාගමකින් නැතුව වෙනත් තුන්වන පාර්ශවයේ පුද්ගලයකු විසින් නිර්මාණය කරනු ලබන Software එකකටයි. ඉතිං මේ රොම් වල යම් කිසි වාසිදායක පැති රාශියක් තියෙනවා...
මොනවද Stock ROM එකට වඩා Custom ROM එකේ තියෙන වාසි...??
සාමාන්‍යයෙන් Custom ROM එකක් නිර්මාණය කරන්නේ, බොහෝ දුරට අලුතින් එන Updates එන්නෙ නැති දුරකතන මාදිලි ඉලක්ක කරගෙනයි. උදාහරණයක් විදිහට
Galaxy Y ෆෝන් එක ගත්තොත් අන්තිම Update එක විදිහට දීලා තියෙන්නෙ Ginger Bread (2.3.6) Update එකයි. ඒ වගේම Ginger bread වලින් පසු ආපු නව සංස්කරණ කිසිවක් මෙම ඩිවයිස් එකට අද වෙනකන් ලැබිලා නැහැ.
ඉතින් Custom Rom හදන Android Developers ලා Galaxy Y එක වෙනුවෙන් ICS, Jelly Bean, Kitkat, Lollipop යන හැම සංස්කරණයකින්ම Custom Rom නිර්මාණය කරලා තියෙනවා.. ඒ නිසා User ට තමන් කැමති OS එකක් ස්ථාපනය කර ගන්න අවස්තාව හිමිවෙලා තියෙනවා. Giger Bread වල run කරන්න බැරි ඇප්ස් මේ කස්ටම් රොම් වල රන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම කස්ටම් රොම් නිර්මණය කරන්නෙ රැම් එක ගොඩාක් අඩුවෙන් පාවිච්චි වෙන විදිහට. ඒක නිසා ලැග් වීමට හෝ Stuck වීමට තියෙන ඉඩ කඩ ඉතාමත් අඩුයි. ඒ වගේම OS එක Internal Memory එකෙන් ගන්න ඉඩ ප්‍රමාණයත් ගොඩක් අඩුයි. මේ කස්ටම් රොම් වල Interface එක ගොඩාක් දුරට ප්‍රියජනකයි.
හරි දැන් දන්නවානෙ මොනවද මේ රොම් කියන්නෙ කියලා.. අපි දැන් බලමු කස්ටම් රොම් එකක් ස්තාපනය කරන්න ඩිවයිස් එකේ තියෙන්න ඕනෙ සුදුසුකම් හා කොහොමද ගැලපෙන කස්ටම් රොම් එකක් හොයා ගන්නෙ කියලා..
අනිවාර්‍යයෙන් කස්ටම් රොම් එකක් ස්තාපනය කරන්න ඔයාගෙ ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනෙ. (රූට් කරන හැටි සහ රූට් කියන්නෙ මොකක්ද කියලා දැන ගන්න මෙතනින් යන්න )
ඒ වගේම කස්ටම් රිකවරි එකක් ස්තාපනය කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම ෆෝන් එකේ Battery Level එක 60% ක අගයකවත් තියෙනවා නම් තමයි හොද. නැත්නම් Flash වෙන අතරතුරේ ෆෝන් එක ඕෆ් වෙලා Damage වෙන්න ඉඩ තියෙනවා.
හරි රොම් එකක් හොයා ගන්න හැටි ගැන කතා කලොත් , රොම් අපිට ගොඩාක් වෙබ් සයිට් වලින් හොයා ගන්න පුළුවන්. ගූගල් එකේ පොඩ්ඩක් බැලුවොත් ඇති තරම් තියෙනවා. ඒත් මේවා 100% ක් හොද රොම් නෙමෙයි. ගොඩාක් රොම් වල අවුල් එහෙමත් නැත්නම් බග්ස් තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ෆෝන් එක හරියාකාරව වැඩ කරන්නෙ නැතුව යන්නත් පුළුවන් එහෙමත් නැත්නම් හදන්න බැරි තත්වයටම පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා විශ්වාස කරන්න පුළුවන් සයිට් එකකින්ම ගන්න. ඒ වගේම රිවිව් එහෙමත් බලන්න. ඒකෙන් රොම් එක ගැන අදහසක් ගන්න පුලුවන්. අනිවාර්‍යයෙන් ගද්දි ෆෝන් එකේ මොඩ්ල් නම්බර් එකට ගැලපෙනම රොම් එකක් ගන්න. එහෙම නැති වුනොත් ලොකු අවුලක් වෙන්නෙ. රොම් එකක් ගන්නවා නම් පුළුවන් තරම් XDA Developers වෙබ් අඩවියෙන්ම ගන්න,
මෙන්න එහෙනම් ලින්ක් එක
රොම් ගහන හැටි එකින් එක කියලා දෙන්න නම් අමාරුයි.. මොකද හැම රොම් එකකටම ඊට ආවේනික ක්‍රියා පටිපාටියකට තමයි ගහන්න තියෙන්නෙ. සාමාන්‍යයෙන් නම් රොම් එක මෙමරි කාඩ් එකට දාලා රිකවරි මොඩ් එකට අරගෙන තමයි ගහන්නෙ.
එක එක ෆෝන් මොඩ්ල් වලට හරියන රොම් වල ලින්ක්ස් ටිකක් මං පහලින් දාන්නම්.. විශ්වාසනීය ගහලා බලපුවා තමයි මේ දාන්නෙ.. මේ පෝස්ට් එක පුළුවන් හැම එලේම අප්ඩේට් කරන්නම්. එතකොට අළුත් රොම් වල ලින්ක්ස් දාන්න පුළුවන් නෙ. ඔයාලත් ගහපු 100% ශුවර් රොම් තියෙනවා නම් ලින්ක් එකයි ඩිවයිස් එකයි කමෙන්ට් කරගෙන යන්න. මම ඒවා බ්ලොග් එකට ඔයාලගෙ නමත් එක්කම ඇඩ් කරන්නම් එතකොට රොම් හොයන අයට ලොකු උදව්වක් වෙයි.
Galaxy Y GTS-5360
මේක නම් ඇත්තටම ගොඩාක් Smooth රොම් එකක්. බග්ස් එහෙමත් මට නම් සෙට් වුණේ නැහැ . මගේ ලග තියෙන එකේත් තාමත් තියෙන්නෙ මේ රොම් එක. මේක මට සෙට් වුණේ ඔයලා කවුරුත් දන්න Dimuthu Madusanka සහෝදරයාගේ බ්ලොග් එකෙන්.රොම් එක ගහනවා නම් මතක ඇතුව රොම් එක ගැන අදහස් එයාගේ බ්ලොග් එකේ පල කරන්න කියලා ඉල්ලා සිටිනවා.
*Lollikat Rom ( Kitkat)
මෙන්න මේ රොම් එකත් මම ගහලා බැලුවා. මේ රොම් එක ගහපුවම ඔයාලට Kitkat වල වැඩ කරන හැම ඇප් එකක්ම වගේ රන් කරන්න පුළුවන්.එහෙනම් ගහලම බලන්නකෝ..

Galaxy S3 GT - i9305
මේකත් ඔන්න ඉස්සුවේ දිමාගේ ලෝකයෙන්. මේක නම් මං ගහලා බලලා නැහැ ඇත්තටම. ඒත් දිමුතු දෙයක් දුන්නොත් ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, මතක ඇතුව රොම් එක ගහලා දිමුතුගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න කොල්ලනෙ.
Galaxy S2 GT-i9100
*Lollipop Rom
ඔන්න ඉතිං මේකත් අපෙ දිමුතු අයියගෙන් ම තමයි ඉස්සුවේ..
*Lollipop Rom
ඔන්න එහෙනම් එකටත් රොම් එකක් සෙට් වුණා.. මේ රොම් එක මට දුන්නෙ Imesh Madhubashitha සහෝදරයා. ඉතිං ගහලම බලන්න රොම් එක කොහොමද කියලා.. මතක් ඇතුව ඒ බ්ලොග් එකේ අදහස් පල කරන්න කියලා ඉල්ලා සිටිනවා..
*Lollipop Rom
මෙන්න එහෙනම් තවත් ලොලිපොප් රොම් එකක් මේකත් Imesh Madhubashitha ගෙ බ්ලොග් එකෙන් තමයි ගත්තෙ..
LG G3 (any model)
*Lollipop Rom
ඔන්න LG G3 එකට රොම් හොයන අයට රොම් එකක් සෙට් වුණා.. මේ රොම් එක නම් මට හොයලා දුන්නෙ Dehem Sathsara සහෝදරයා. රොම් එක ගැන අවුලක් තියේ නම් ඒ සහෝදරයව පොඩ්ඩක් කන්ටැක්ට් කර ගන්න.
Huawei Honor Holly ( Hol-U19)
*Lollypop Rom
මෙන්න එහෙනම් Honor Holly එකට රොම් එකක් උස්සන් ආවා.. මේ රොම් එක එවලා තිබ්බෙ Dhananjaya Priyadharshana සහෝදරයා.. ඒ සහෝදරයටත් ස්තූතිවන්ත වෙනවා.. එහෙනම් ගහලා බලලා අදහස් එහෙමත් කොටාගෙන යන්නකෝ...
මේ වගේ ඔයාලා ගහලා බලපු රොම් තියෙනවා නම් රොම් එකේ ලින්ක් එකත් එක්ක දාගෙන යන්න කොල්ලනේ.. මං බ්ලොග් එකට එකතු කරන්නම්... ජය වේවා එහෙනම්.... අපි ගියා....

*Lollipop Stylish Rom

*KitKat Rom
මේකත් ඔන්න ඉස්සුවේ දිමාගේ ලෝකයෙන්. මේක නම් මං ගහලා බලලා නැහැ ඇත්තටම. ඒත් දිමුතු දෙයක් දුන්නොත් ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, මතක ඇතුව රොම් එක ගහලා දිමුතුගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න කොල්ලනෙ.
Galaxy S2 GT-i9100
*Lollipop Rom
ඔන්න ඉතිං මේකත් අපෙ දිමුතු අයියගෙන් ම තමයි ඉස්සුවේ..
S Duos 2 GT-S7582
*Lollipop Rom
ඔන්න එහෙනම් එකටත් රොම් එකක් සෙට් වුණා.. මේ රොම් එක මට දුන්නෙ Imesh Madhubashitha සහෝදරයා. ඉතිං ගහලම බලන්න රොම් එක කොහොමද කියලා.. මතක් ඇතුව ඒ බ්ලොග් එකේ අදහස් පල කරන්න කියලා ඉල්ලා සිටිනවා..
*Lollipop Rom
මෙන්න එහෙනම් තවත් ලොලිපොප් රොම් එකක් මේකත් Imesh Madhubashitha ගෙ බ්ලොග් එකෙන් තමයි ගත්තෙ..
LG G3 (any model)
*Lollipop Rom
ඔන්න LG G3 එකට රොම් හොයන අයට රොම් එකක් සෙට් වුණා.. මේ රොම් එක නම් මට හොයලා දුන්නෙ Dehem Sathsara සහෝදරයා. රොම් එක ගැන අවුලක් තියේ නම් ඒ සහෝදරයව පොඩ්ඩක් කන්ටැක්ට් කර ගන්න.
Huawei Honor Holly [Hol-U19]