Popular Posts

Sunday, September 13, 2015

2015 වසරේ release වෙන්න නියමිත Smart Phones

ඔන්න ඉතින් අද අරන් ආවේ tric එකක්වත් ඇප් එකක්වත් එහෙම නැත්නම් වෙන වැඩ කෑල්ලක්වත් නෙමෙයි, වෙනස්ම විදිහෙ මාතෘකාවක් ඒ තමයී මේ මාසයේ එලියට එන්න තියෙන සුපිරි ම ගනයේ Smart phones ටිකක් ගැන.


දැනට තියෙන Smart Phones ගැන කතා කලොත් World ranking වල ඉදිරියෙන්ම තියෙන්නෙ Samsung Galaxy S6 එක, Samsung එකෙන් කල් බල බල ඉඳලා සුපිරි ම ගනයේ 4න් එකක් එලියට දැම්මා, S6 එක නිසා Samsung සමාගම හිතුවටත් වඩා ලොකු ලාභයක් ලැබුවා. ඉතින් කොහොමින් කොහොම හරි Samsung සමාගම Apple සමාගම දෙවෙනි තැනට පත් කරමින් අද වෙද්දිත් ඉදිරියෙන්ම ඉන්නවා
Sony සමාගම පාඩු ලැබීමත් සමගම ටිකක් පසු බැස්සා, LG සමාගම G4 දුරකථනයත් එක්ක ඉස්සරහට ආවත් S6 එක වට්ටන්න පුළුවන් තැනකට නම් එන්න බැරි වුණා,
HTC සමාගම ගැන කතා කලොත් M8 එක හොඳ තැනකට පත් වුනත් M9 දුරකථනය පාරිභෝගිකයන් සතුටු කරන මට්ටමට එන්න බැරි වුණා , හැබැයි මේ වන විට කාගෙත් හිත දිනා ගැනීමට HTC Smart phones සමත් වෙලා තියෙනවා, හරි දැන් එහෙනම් බලමු මොනවාද මේ සැප්තැම්බරයේ කලඑළි බහින්න බහින්න තියෙන Best Smart phones ටික කියලා

Apple iPhone 6s






ඇපල් වලට ආදරය කරන අයට නම් මේක හොඳ News එකක්, Apple සමාගම මේක අපිට එවනවා කියලා තියෙන්නෙ මේ මාසයේ 25 වෙනිදා, අගල් 4.7 ක් වන Screen  එකක් වගේම 3D touch Display එකකිනුත් සමන්විතයි

16/64/128 GB  යුත් අභ්‍යන්තර මතක ධාරිතාවයකින් ලබා ගන්න පුළුවන්, ඒ වගේම 2GB Ram එකක්   i6s එකෙහෙ අඬංගු වෙනවා,  සමහර අයට හිතෙනවා ඇති අය්‍යෝ 2GB Ram එකක් Galaxy S3 එකෙත් තියෙනවා නෙ කියලා, ඒත් Android වගේ නෙමෙයි Apple OS එක කියන්නෙ ලැග් නොවෙන අවම Ram ධාරිතාවයක්  භාවිතා කරන OS එකක්, ඒක නිසා 2GB Ram එකක් කියන්නෙ Apple දුරකථනය ගොඩාක් ඉඳිරියෙන්
ඒ වගේම 12MP පසු පස කැමරාවකින් සමන්විතයි, 12MP කිව්වට ඉතින් අනිත් Smart phone වල තියෙන 12 MP camera ක් නම් නෙමෙයි 4608 x 2592 pixels කිව්වම ඉතින් තේරෙනවා නෙ. ඒ වගේම ප්‍රථම වතාවට 4K Video recording system එකකුත් මෙහි අඬංගු වෙනවා ඒ වගේම ඉදිරිපස කැමරාව 5MP එක්ක තවත් Features ගොඩාක් ඇතුලත්, ඔන්න ඉතින් Samsung සමාගට challenge එකක් තියෙනවා එහෙනම්
Apple iPhone  6s එක ගැන සියළුම විස්තර මෙතනින්  බලන්න

Sony Z5



Android Lovers ලගෙන් ගොඩාක් දෙනෙක් Samsung & Sony Lovers ලා. ඒක ඉතින් ගෲප් වල මරා ගන්න හැටියෙන් තේරෙනවා, කොච්චර මරා ගත්තත් ඉතින් ඒ දේවල් එතනින්ම ඉවරයි :D

ඔන්න ඉතින් Sony සමාගම අපිට දෙන්න යන Smart phone එක ආයෙත් Sony සමාගමට තමන්ට හිමි තැන ලබා ගන්න උදව් කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්

Z5 එක අපේ අතට එන්න යන්නෙ අගල් 5.5 ක තිරයක් එක්කයි. ඒ වගේම Resolution එක 2160 x 3840 pixels (~806 ppi pixel density) සමගිනුයි
ඒ වගේම Qualcomm® Snapdragon™ 810, 64-bit Octa-core processor එකකුත් වගේම 3GB Ram එකකිනුත් සමන්විතයි. මේ දේවල් නිසා Z5 එක Performance අතින් ඉහල තැනක් ඉන්නවා, Internal memory එක 32GB වගේම External memory එක 200GB දක්වා පරාසයකට විහිදෙනවා
කැමරාව ගැන කතා කලොත් Sony වල කැමරා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ,  ඔන්න එහෙනම් Mobile Photography කරන අයට නම් මේ 4න් එක වැදගත් වෙයි 23MP   5520 х 4140 pixels පසුපස කැමරාවක් වගේම 5MP ඉදිරිපස කැමරාවකිනුත් සමන්විතයි. ලැබෙන ආරංචි වලට අනුව  2 Days battery life එකකුත් තියෙනවා
Samsung සමාගමට නම් ලොකු තර්ජනයක් වෙනවා අනිවාර්යයෙන් Sony Z5 දුරකථනය
වැඩි විස්තර සඳහා මේ Link එකට යන්න

HTC A9 (Aero)


ඔන්න එහෙනම් ඊලගට කියන්න යන්නෙ නැගී එන දුරකථන සමාගමක් වෙන HTC සමාගමේ අළුත්ම ජංගම දුරකථනය ගැන
හැබැයි මේ 4න් එක ගැන නම් වැඩි තොරතුරු මාධ්‍යට නිකුත් කරලා නැහැ
හැබැයි ආරංචියේ හැටියට නම් මේක ලෝකයේ මෙතෙක් බිහිවන Powerfull ම Device එක බවට පත් වෙනවා. එහෙම වෙන්න හේතුව වෙන්නෙ HTC A9 එකට එකතු කරනවයි කියන Media Tek Helio X20 10-core වර්ගයේ Processor එක නිසයි. ඒ විතරක් නෙමෙයි 4GB Ram එකකුත් අඬංගු වෙනවා. Speed එක හිතා ගන්න පුළුවන්නෙ නෙහ්.... අගල් 6 ක 2560 x 1440 Quad HD Display  එකක් එනවයි කියලා තමයි කියන්නෙ. අනිත් ප්‍රධානම  දේ තමයි කැමරාව. මේක ගැන නම් ලොකු සඳහනක් කරලා නැහ. හැබැයි මෙච්චර කාලයකට නිකුත් නොවුනු විදිහෙ අළුත්ම තාක්ෂණයකින් තමයිලු එන්නෙ.Camera  එකේ නම් ලොකු වෙනසක් අනිවා තියෙයි. Ultra Pixel තාක්ෂණයත් හඳුන්වලා දුන්නෙ HTC සමාගමනෙ. ඉතින් මෙච්චර Powerfull Device එකකට Power  එක දෙන්න 3500mAh  ක බැටරියකුත් සවි කරන්නලු හිතන් ඉන්නෙ. HTC වල තිබුණු එකම අවුල තමයි  Metal නිසා පොඩ්ඩක් වැඩිපුර රත් වෙන ප්‍රෂ්නය. මේ Device එක මේ විදිහටම ආවොත් ගොඩාක් රත් වෙන්න ඉඩ කඩ වැඩියි, අනිවාර්යයෙන් ඒ හැමදේටම විසඳුමක් HTC  සමාගම සතුව ඇති කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කොහොමින් කොහොම වෙතත් ඔන්න Samsung සමාගමට ලොකු අභියෝගයක් නම් තියෙනවා.මේ අර්බුධයෙන් ගැලවෙන්න ඉස්සරහට මොන විදිහෙ 4න් එකක් Release කරයිද කියලා අපි බලන් ඉමු.

අඩුපාඩු නම් ඇති පෝස්ට් එකේ එහෙම තැන් දැක්කොය් පෙන්නලා දෙන්න ස්තූතියි

බ්‍රියෝ ගේ අඩවියේ අළුත් තොරතුරු එසැනින් දැන ගැනීමට මෙම ඇප් එක බාගත කර ගන්න

No comments:

Post a Comment