Popular Posts

Wednesday, December 16, 2015

Phone එකට අතවත් නොතියා Screen එක On/Off කරමු

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ හැමෝටම වැදගත් වෙන විදිහෙ පොඩි දෙයක් අරගෙන ආවා. අද අරන් ආවෙ නම් Android 4n  පාවිච්චි කරන අයට වටින දෙයක්.




අපි ඇන්ඩ්‍රොයිඩ්4න් එකක් පාවිච්චි කරද්දි හැම වෙලාවෙම Screen  එක ON කර ගන්න පාවිච්චි කරන්නෙ Power Button එක. ඉතින් කොයි වෙලෙත් 4න් කට්ට ඔබ ඔබ ඉන්න කෙනෙක් නම් දවසට අඩුම තරමෙ තිස් පාරක් වත් ඔය Buttom  එක use  වෙනවා. හැමදේම අනිත්‍ය නිසා ඔය Button එකත් පාවිච්චි කරන විදිහ අනුව ඉක්මනටම නිවන් දකින්න ඉඩ තියෙනවා. කොහොම වුනත් කොල්ලෙක් නම් ඉතින් කෙල්ලටත් වඩා 4න් එකටයි Bike එකටයි තියෙන Love  එක වැඩියි නේ. ඒක නිසා මං කියලා දෙන්නම් Power Button එක Damage  නොවෙන්න පොඩි Software කෑල්ලකින් Screen එක On/OFF කර ගන්න විදිහ

මුලින්ම මේකට අවශ්‍ය ඇප් එක පහලින් Download  කර ගන්න. මං ඔයාලට අරං ආවේ pro Version එක, ඒ නිසා මේකෙන් ලොකු වැඩ කොටසක් ගන්න පුළුවන්.

                                                           Download  Here

මුලින්ම ඇප් එක Install කරලා Open  කර ගන්න.
ඊට පස්සෙ තියෙන්නෙ ඔයාට ඕනෙ විදිහට Settings හදා ගන්න එක.

මේ ඇප් එක වැඩ කරන්නෙ Sensors උපයෝගී කරගෙන. ඒ නිසා අපිට පුළුවන් අපේ 4න් එක අංශක 180ක් පහලට වෙන විදිහට හරවපුවම Screen  එක on  වෙන විදිහට හදන්නත්, 4න් එකේ Screen එක Touch නොකර අගල් කිහිපයක් උඩින් අත යවලා Screen  එක On/Off  වෙන විදිහට හදන්නත් මේ ඇප් එකෙන් පුලුවන්.

ඉතින් ඔන්න ඔය  වගේ තවත් ගොඩාක් වැඩ ගන්න මේ ඇප් එකෙන් පුළුවන්. එහෙනම් අරගෙනම බලන්න.







Tuesday, December 1, 2015

PC එකේ තියෙන කුණු ඉවත් කර වේගවත් කරමු.

ගොඩ කාලෙකට පස්සෙ තමයි ඉතින් මේ පැත්තෙ ඇවිත් යන්නෙ.. පොඩි පොඩි වැඩ වගයක් නිසා එන්න බැරි වුනා. Free  වෙන හැම වෙලාවෙම මොනවා හරි අළුත් දෙයක් අරන් එන්න උත්සහ කරනවා. හැමෝම දෙන දේවල් නම් මං ඔයාලට අරන් එන්නෙ නැහැ.....



කොහොමින් කොහොම හරි අද කට්ටියට අරන් ආවෙ පොඩි PC Software එකක්. Size  එකෙන් පොඩි වුනාට මේකෙන් ලොකු වැඩ කොටසක් ගන්න පුළුවන්. දන්න අයයි නොදන්න අයයි ඇති මේ Software  එක ගැන. මේකෙ නම Wise Disk Cleaner මේකෙන් පුළුවන් අපේ PC  එකේ තියෙන කුණු කන්දරාව ඉවත් කරලා පොඩ්ඩක්  Speed   කර ගන්න. සමහර Softwares, Files අපි Delete කරලා දැම්මාට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නෙ නහැ. ඉතිං එහෙම ඉතිරි වෙන Temporary Files, Damage  වෙලා පාවිච්චි කරන්න බැරි දේවල් වගේ හැම දෙයක්ම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඊයෙ මගෙ යාළුවෙක්ගෙ ලැප් එකට දාලා බලපුවම 11GB පිරෙන්න වැඩකට නැති දේවල් තිබ්බා, කොහොමද ඉතිං සෙල්ලම් නැහැ නේද....??


දැන් Install කරලා Open  කර ගන්න.

දැන් එහෙනම් Scan Now දෙන්න.

Scan  වුනාට පස්සෙ පෙන්නයි කොච්චරක් වැඩකට නැති දේවල් තියෙනවාද කියලා.

Clean Now  දෙන්න දැන්.




තව මේකෙන් ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් අරගෙන පාවිච්චි කරලම බලන්නකො එහෙනම් අපි ගියා.....