Popular Posts

Tuesday, December 1, 2015

PC එකේ තියෙන කුණු ඉවත් කර වේගවත් කරමු.

ගොඩ කාලෙකට පස්සෙ තමයි ඉතින් මේ පැත්තෙ ඇවිත් යන්නෙ.. පොඩි පොඩි වැඩ වගයක් නිසා එන්න බැරි වුනා. Free  වෙන හැම වෙලාවෙම මොනවා හරි අළුත් දෙයක් අරන් එන්න උත්සහ කරනවා. හැමෝම දෙන දේවල් නම් මං ඔයාලට අරන් එන්නෙ නැහැ.....



කොහොමින් කොහොම හරි අද කට්ටියට අරන් ආවෙ පොඩි PC Software එකක්. Size  එකෙන් පොඩි වුනාට මේකෙන් ලොකු වැඩ කොටසක් ගන්න පුළුවන්. දන්න අයයි නොදන්න අයයි ඇති මේ Software  එක ගැන. මේකෙ නම Wise Disk Cleaner මේකෙන් පුළුවන් අපේ PC  එකේ තියෙන කුණු කන්දරාව ඉවත් කරලා පොඩ්ඩක්  Speed   කර ගන්න. සමහර Softwares, Files අපි Delete කරලා දැම්මාට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නෙ නහැ. ඉතිං එහෙම ඉතිරි වෙන Temporary Files, Damage  වෙලා පාවිච්චි කරන්න බැරි දේවල් වගේ හැම දෙයක්ම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඊයෙ මගෙ යාළුවෙක්ගෙ ලැප් එකට දාලා බලපුවම 11GB පිරෙන්න වැඩකට නැති දේවල් තිබ්බා, කොහොමද ඉතිං සෙල්ලම් නැහැ නේද....??


දැන් Install කරලා Open  කර ගන්න.

දැන් එහෙනම් Scan Now දෙන්න.

Scan  වුනාට පස්සෙ පෙන්නයි කොච්චරක් වැඩකට නැති දේවල් තියෙනවාද කියලා.

Clean Now  දෙන්න දැන්.




තව මේකෙන් ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් අරගෙන පාවිච්චි කරලම බලන්නකො එහෙනම් අපි ගියා.....

2 comments: