Popular Posts

Tuesday, February 3, 2015

ෆෝන් එකෙන්ම Diary ලියමු......

මුලින්ම එහෙනම් සුභ ම සුභ නිදහස් දිනයක් වේවා.....!!! අපිට කොයින්ද ඉතිං නිදහසක්..... ගෙදර නිකම් ඉන්න වෙලාවට ඕගොල්ලොන්ට මොනවද අළුතින් දෙන්නෙ කියලයි කල්පනාව..... කියෙව්වා වැඩිද මන්දා.... අපි ඉතින් කොහොමත් කැමතියි නේ දවසේ වෙච්ච දේවල් කොහෙ හරි ලියලා තියන්න. ලියලා තිබ්බම ඉතින් ආයෙ දවසක කියවද්දි පුදුම සතුටක් නෙ දැනෙන්නෙ...... ඒත් ඉතින් Diary ලියන්න අපිට කොහෙද වෙලාවක්..... පොත් හොය හොය Diary ලියපු කාලේ ඉවරයි...... තාක්ෂණයේ දියුණුවත් එක්ක හැම දේම පහසු වෙනවා නේ... ඕනෙම වෙලාවක ෆෝන් එක අරගෙන නිදහසේ වටිනා සුන්දර මතකයන් මේ ඇප් එකෙන් ලියලා Save කරලා තියා ගන්න පුළුවන්. ඕනෙ නම් යාළුවෙක් ට send කරන්නත් පුළුවන්...... අපි Diary Book එකක ලිව්වම ඒකෙ ආරක්ෂාව ගැන 100% ක් විශ්වාස කරන්න බැහැ..... මොකද කවුරු හරි අරගෙන කියොව්වොත්.......!!! මේ ඇප් එකෙන් එහෙම වෙන්නෙ නැහැ Password එකක් දාලා protect කර ගන්න පුළුවන් දැන් තේරෙනවා නේ මේ ඇප් එකේ වටිනාකම...... එහෙනම් මෙතනින් Download කර ගන්නකෝ.... Skip add දීලා Download කර ගන්න සුන්දර මතකයන් ලියන්න විතරක් නෙමෙයි Photos save කරන්නත් පුළුවන්......Wether එක Location එක ඔක්කොම add කරන්නත් පුළුවන්... Screen Shots බලන්න සුභ දවසක් අනිත් අයටත් කියලා දෙන්න..... තවත් අළුත් දෙයක් අරන් එන්නම්...........

2 comments: